එජාප මන්ත්‍රී සිසිර කුමාර යළි රක්ෂිත බන්ධනාගාරයට

එජාප මන්ත්‍රී සිසිර කුමාර යළි රක්ෂිත බන්ධනාගාරයට

by Staff writer 05-11-2019 | 12:13 PM
COLOMBO (News 1st) : එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර මහතා ලබන 15 වැනිදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ අද හලාවත මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 2004 වසරේ හලාවත දී නීතිවිරෝධි රැස්වීමක සමාජිකයෙකු වෙමින් ගිනිඅවි හා ජීව පතොරම් ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හලාවත මහාධිකරණයේ විභාගවන නඩුවක තෙවන සැකකරු  වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාන්ත සිසිර කුමාර  මහතායි.