MTV සංගීත සම්මාන උළෙලේ හොඳම කලාකරුවා මෙන්ඩේස්

MTV සංගීත සම්මාන උළෙලේ වසරේ හොඳම කලාකරුවාට හිමි සම්මානය ශෝන් මෙන්ඩේස්ට

by Staff writer 04-11-2019 | 11:49 AM
COLOMBO (News 1st) : මෙවර MTV සංගීත සම්මාන උළෙලේ වසරේ හොඳම කලාකරුවාට හිමි සම්මානය දිනා ගැනීමට සුපිරි කැනේඩියානු ගායක ශෝන් මෙන්ඩේස් සමත්විය. එහි හොඳම නව කලාකරුවාට හිමි සම්මානය දිනාගත්තේ අමෙරිකානු පොප් ගායිකා බිලී අයිලීෂ් ය. කෙසේ වෙතත් මෙවර MTV යුරෝපීය සම්මාන උළෙලේ දී කිසිදු සම්මානයක් දිනා ගැනීමට , එහි වැඩිම සම්මාන සංඛ්‍යාවක් සඳහා නිර්දේශ වූ සුපිරි අමෙරිකානු පොප් ගායිකා අරියානා ග්‍රාන්ඩේ සමත්වුයේ නොවී ය. මෙවර MTV සංගීත සම්මාන උළෙල ස්පාඤ්ඤයේ සෙවිල්හිදී පැවැත්විණ.