හෙරොයින් කිලෝ 200ක් නාවික හමුදා භාරයට?

හෙරොයින් සමග ලාංකික ධීවරයින් 5ක් නාවික හමුදා භාරයට

by Staff writer 04-11-2019 | 7:34 AM

COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවට අයත් දකුණු මුහුදු තීරයේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 200ක් සමග ශ්‍රී ලාංකික ධීවරයින් පස් දෙනෙකු ඊයේ නාවික හමුදා භාරයට ගෙන ඇත.

හෙරොයින් තොගය සමග අදාළ බහුදින ධීවර යාත්‍රාව මෙලෙස අත්අඩංගුවට ගැනුණේ, ගාල්ලට නුදුරු මුහුදු තීරයේ සිදු කළ විශේෂ මෙහෙයුමක් අතරතුරදී ය. සැකකරුවන් මත්ද්‍රව්‍ය තොගය සමග යාත්‍රාව මේ වනවිට ගොඩබිමට රැගෙන විත් ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා ඔවුන් හා මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීම‍ට නියමිත ය. මෙම වසර තුළ පමණක් සිදු කළ මෙහෙයුම් වලදී හෙරෝයින් කිලෝග්‍රෑම් 739ක් පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන ඇතැයි නාවික හමුදාව සඳහන් කළේ ය.