වායු දූෂණයට ලක්වූ නගර අතර නවදිල්ලිය මුල්තැනට

වායු දූෂණයට ලක්වූ ලොව ප්‍රධාන නගර අතර නවදිල්ලිය මුල්තැනට

by Staff writer 04-11-2019 | 1:13 PM
COLOMBO (News 1st) : වායු දූෂණයට ලක්වූ ලොව ප්‍රධාන නගර අතර මුල්තැනට අද ඉන්දියාවේ නවදිල්ලි පත්ව තිබේ. එම ලයිස්තුවේ දෙවන ස්ථානය හිමිවුයේ පකිස්ථානයේ ලාහෝර් නුවරටයි. වායු ගුණාත්මක භාවය අනතුරුදායක මට්ටමින් පහතවැටීමත් සමඟ අද සිට නවදිල්ලි නුවරට ඇතුළු වන වාහන සංඛ්‍යාව සීමා කිරීමට දිල්ලි පොලීසිය පියවර ගෙන තිබේ. මේ යටතේ ඔත්තේ සංඛ්‍යාවලින් සහ ඉරට්ටේ සංඛ්‍යාවලින් අවසන් වන ලියාපදිංචි කිරීමේ අංක සහිත වාහනවලට එකම දිනයක දිල්ලි නුවර මහාමාර්ගවල ධාවනය කිරීමේ අවස්ථාව හිමිනොවනු ඇති. කෙසේ වෙතත් බලධාරීන් පෙන්වා දෙන්නේ ඉකුත් සිකුරාදා සිට වායු දූෂණය අවම කිරීමට බලධාරීන් පියවර ගත් නමුත් වායු දූෂණය පාලනය කිරීමට එම ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවී ඇති බවයි . මෙම තත්ත්වය දිල්ලි ඇතුළු ආසන්න ප්‍රදේශවල දිවිගෙවන පුද්ගලයන්ට ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග වැළඳීමට මෙන්ම ආයු කාලය කෙටි වීමට ද හේතුවනු ඇතැයි බලධාරීහු පෙන්වා දෙති. මේ හේතුවෙන් අද දින දිල්ලියේ සියලු පාසල් වසා දැමීමට ද නියෝග කර තිබේ. දිල්ලි ප්‍රධාන අමාත්‍ය අර්වින්ද් කෙජ්රිවාල් සඳහන් කළේ, වසර පහකට පසු වායු ගුණාත්මකභාවය මෙතරම් පහතවැටුණු මුල් අවස්ථාව මෙය බවයි . හෙට දින මෙම තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අවධානය යොමුකිරීමට නියමිත බව සඳහන් ය.