රජරට සරසවියේ උණ රෝගය පාලනයට සාකච්ඡා

රජරට සරසවියේ පැතිර යන උණ රෝගය පාලනයට සාකච්ඡා

by Staff writer 04-11-2019 | 4:54 PM

COLOMBO ( News 1st ) - රජරට විශ්වවිද්‍යාලයේ පැතිර යන උණ රෝගය පාලනය සම්බන්ධයෙන් පාර්ශව රැසක් සමග අද සාකච්ඡා කරන බව එහි වැඩබලන උපකුලපති මහාචාර්ය ජයන්ත අධිකාරි මහතා පවසයි.

ඔහු පැවසුවේ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ වසංගත රෝග ඒකකයේ වෛද්‍යවරුන් සමග එලෙස සාකච්ඡා කරන බව ය. ඔවුන්ගෙන් ලැබෙන උපදෙස් මත රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රයේ වසා දැමු පීඨ 4 නැවත විවෘත කරන දිනය පිළිබඳ තීරණය කරනු ඇති. උණ රෝගය පැතිරයාම හේතුවෙන් පසුගිය සෙනසුරාදා රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රයේ පීඨ 4 ක් දින නියමයක් නොමැතිව වසා දැමුණි.