මන්ත්‍රී විමල්ට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය කල්යයි

මන්ත්‍රී විමල් ඇතුළු සැකකරුවන් 6කට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය කල්යයි

by Staff writer 04-11-2019 | 12:58 PM
COLOMBO (News 1st) : පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු සැකකරුවන් 6 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන පෙබරවාරි 17 වන දා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද නියෝග කළේ ය. ඔවුන්ට එරෙහි චෝදනා වන්නේ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සෙයිද්රාද් අල් හුසේන් කුමරුගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පළ කරමින් 2016 වසරේ පෙබරවාරි 6 වැනිදා කොළඹ 7 බෞද්ධාලෝක මාවතේදී හැව්ලොක් මාර්ගය අවහිර කරමින් මහජනතාවට අවහිර වන පරිදි උද්ඝෝෂණයක නිරත වීමයි. කුරුඳුවත්ත පොලිසිය එම නඩුව පවරා තිබේ. ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, රොජර් සෙනෙවිරත්න සහ මොහොමඩ් මුසම්මිල් යන මහත්වරු එහි සෙසු විත්තිකරුවෝ වෙති.