නොච්චියාගම මිරිස් වගාවන් අතර දිලීර රෝගයක්

නොච්චියාගම මිරිස් වගාවන් අතර දිලීර රෝගයක්

by Staff writer 04-11-2019 | 11:54 AM
COLOMBO (News 1st) : අනුරාධපුර දිස්ත්‍රික්කයට ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන් නොච්චියාගම ප්‍රදේශයේ මිරිස් වගාවන් අතර දිලීර රෝගයක් පැතිර යමින් තිබේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොඩ බෝග වගාවක් ගෙස බහුලව වගා කෙරෙන්නේ මිරිස් වගාවයි. එහෙත් නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හුනුවිලගම හොරුවිල වනමල්ගම මුණසිංහ ගම හබරල්ලෑගම යන ගම්මානයන්හි මිරිස් වගාවන්ට මෙම දිලීර රෝගයෙන් බලපෑම් එල්ලවී තිබේ. ගොවින් පවසන්නේ මේ වන විට ඇදහැලෙන අධික වර්ෂාව මෙම දිලිර රෝගය බෝවීමට හේතුව බවයි. අධික වර්ෂාවත් සමඟ ප්‍රමාණයට වඩා මිරිස් පැළවලට ජලය ලැබීමෙන් මෙම ධීලිර රෝගය පැතිරී යයි. මේ හේතුවෙන් පවුල් 1000කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති අතර අක්කර 4000ක පමන මිරිස් වගාව විනාශ වී තිබේ.