තිහලුවේදී හොර ‍නෝට්ටු සමග 5ක් පොලිස් දැලේ

තිහලුවේදී හොර ‍නෝට්ටු සමග 5ක් පොලිස් දැලේ

by Staff writer 04-11-2019 | 9:51 AM
COLOMBO (News 1st) : බෙලිඅත්ත, තිහලුව ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියන් තිදෙනෙකු මෝටර් රථයකින් ගොස් ව්‍යාජ මුදල් ලබාදී වෙළෙඳසැල්වලින් භාණ්ඩ මිලදී ගනිමින් සිටියදී එලෙස අත්අඩංගුවට ගත් බවයි. ඔවුන් සන්තකයේ තිබී රුපියල් 500 ව්‍යාජ නෝට්ටු 18ක්, 1000 ව්‍යාජ නෝට්ටුවක් සහ භාණ්ඩ මිලදී ගැනීමෙන් අනතුරුව ඉතිරි මුදල් ලෙස ලබාගත් රුපියල් හැට පන් දහසක් ද පොලීසිය භාරයට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කටුබැද්ද හා බිංගිරිය ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.