තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවැනි අදියර අද

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවැනි අදියර අද

by Staff writer 04-11-2019 | 7:57 AM
COLOMBO (News 1st) : ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවැනි අදියර අද පැවැත්වේ. ජාතික මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, ඒ අනුව පොලීසිය, මැතිවරණ කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට අද සහ හෙට අවස්ථාව හිමි වන බවයි. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ පළමු අදියර පසුගිය 31 සහ පළමුවෙනිදා පැවැත්විණ. එම දිනයන්හිදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන ඡන්ද දායකයින්ට ලබන 7 වනදා අදාළ වන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී තැපැල් ඡන්දය සලකුණු කළ හැකියි. මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව හය ලක්ෂ පනස් නමදහස් පන්සිය දාහතරකි.