by Staff writer 04-11-2019 | 11:06 AM
COLOMBO (News1st) : ඇල්පිටිය, කහතුඩුව ප්‍රදේශයේදී පිස්තෝලයක් හා රිවෝල්වරයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, ඔවුන් සන්තකයේ තිබූ මිලිමීටර් 9 උණ්ඩ 7 ක්ද සිය භාරයට ගත් බවයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, හොරන්ගල්ල හා නියාගම පදිංචි 29 හා 35 යන වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනෙකි.
එක් සැකකරුවෙකු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 560 ක් හා ඩිජිටල් වර්ගයේ කිරුම් මිණුම් උපකරණයක් ද එහිදී පොලීසිය භාරයට ගත් බවයි.