පොදුජන පෙරමුණ තවත් පක්ෂ 15ක් අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

පොදුජන පෙරමුණ තවත් පක්ෂ 15ක් අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

පොදුජන පෙරමුණ තවත් පක්ෂ 15ක් අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

කර්තෘ Staff writer

04 Nov, 2019 | 4:04 pm

COLOMBO ( News 1st ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග තවත් පක්ෂ 15 ක් අද අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවේ ය.

නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ පිහිටා ඇති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී‍ අද පෙරවරුවේ මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිදු කෙරිණි.

ඒ, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

මෙලෙස අද ගිවිසුම්ගත වූ පක්ෂ වන්නේ,

අකිල ඉලංගෙයි ද්‍රවිඩ මහා සභාව
ශ්‍රී ටෙලෝ පක්ෂය
ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂය
ජනතා සේවක පක්ෂය
එක්සත් ලංකා ජනතා පක්ෂය
ඉන්දීය සම්භවයක් ඇති ජනතා පක්ෂය
නව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ
දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය
ප්‍රගතිශීලී ජනතා සේවක පක්ෂය
ජාතික පෙරමුණ
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී මහජන පක්ෂය
එක්සත් ලංකා පොදුජන පක්ෂය
දේශප්‍රේමී ප්‍රගතිශීලි ජනතා පෙරමුණ
ඉස්ලාම් සමාජවාදී පෙරමුණ සහ ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]