ෂාරුක් වෙනුවෙන් Burj Khalifa වර්ණවත් වෙයි

Burj Khalifaහි නම සටහන් කළ ෂාරුක් ඛාන් වාර්තාවක් පිහිටුවමින් උපන්දිනය සමරයි

by Staff writer 03-11-2019 | 11:46 AM

News 1st - ලොව උසම ගොඩනැගිල්ල වන ඩුබායි, බර්ජ් කලීෆාහි (Burj Khalifa) නම ප්‍රදර්ශනය කළ පළමු බොලිවුඩ් නළුවා බවට ෂාරුක් ඛාන් පත් විය.

ඒ, ඊයේ දිනට යෙදුණු ෂාරුක්ගේ උපන්දිනය නිමිත්තෙන් ඩුබායිහි බර්ජ් කලීෆා (Burj Khalifa) ගොඩනැගිල්ලේ ඔහුගේ නම ප්‍රදර්ශනය කිරීම හේතුවෙන් ය. ෂාරුක් බොලිවුඩයේ කින් ඛාන් බව තවදුරටත් තහවුරු වන බව ඔහුගේ රසිකයින් පවසති. තමන් පුදුමයට පත් කළ උපන්දින සාදය පිළිබඳ ෂාරුක් ඛාන් සිය ට්විටර් ගිණුමේ මෙලෙස සටහන් කර තිබුණි.