හායනයට ලක්වූ වනාන්තර කලාපවල යළි වන වගාව

හායනයට ලක්වූ වනාන්තර කලාපවල යළි වන වගා කිරීමේ වැඩපිළිවෙළක්

by Staff writer 03-11-2019 | 3:53 PM
COLOMBO (News 1st) : හායනයට ලක්වූ වනාන්තර කලාපවල යළි වන වගා වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. වන සංරක්ෂක ජනරාල් ඩබ්ලිව් ඒ. සී. වේරගොඩ මහතා සඳහන් කළේ, නැවත වන වගාව සිදුකළ යුතු හෙක්ටෙයාර් 90000 ක් පමණ හඳුනා ගෙන ඇති බවයි. ක්‍රමවේදයන් කිහිපයක් අනුගමනය කරමින් එම ප්‍රදේශවල නැවත වන වගාව සිදුකරන බව ද ඔහු පැවසී ය. මේ යටතේ අදාළ ප්‍රදේශවලට ගුවනින් බීජ ඉසීම ද ආරම්භ කර ඇති බව වන සංරක්ෂක ජනරාල්වරයා පැවසී ය.