ලෝක කුසලාන රග්බි ජයග්‍රහණය සම්බන්ධයෙන්, ද. අප්‍රිකා ජනපති News1st සමග සම්මුඛ සාකච්ඡාවක

by Staff writer 03-11-2019 | 10:37 PM
COLOMBO (News 1st) : දකුණු අප්‍රිකාව, මෙවර ලෝක රග්බි කුසලානය දිනා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි එරට ජනාධිපති සිරිල් රැමෆෝසා මහතා, ශෙවාන් ඩැනියෙල් මහතා සමග අද සම්මුඛ සාකච්ඡාවකට එක්විය. ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ දකුණු අප්‍රිකානු කණ්ඩායම ලැබු මෙම ජයග්‍රහණයේ මූල බීජය වූයේ ජාතීන් අතර පවතින එකමුතුව බවයි. ලද ජයග්‍රහණය දකුණු අප්‍රිකාවට සුවිශේෂි අවස්ථාවක් බව ත් මෙම ජයග්‍රහණයේදී විවිධත්වයෙන් යුතු රටේ සියලු ජනතාව කණ්ඩායම සමග සිටි බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසී ය.