ගෑස් හිඟයට පිළියම් ලෙස හදිසි මිලදී ගැනීමක්

ලිට්‍රෝ සමාගම ගෑස් මෙට්‍රික් ටොන් 12000ක් මිලදී ගැනීමට තීරණය කරයි

by Staff writer 03-11-2019 | 9:10 PM
COLOMBO (News 1st) : ගෑස් හිඟයට පිළියමක් ලෙස ලිට්‍රෝ සමාගම ගෑස් මෙට්‍රික් ටොන් 12000 ක හදිසි මිලදී ගැනීමක් සිදු කිරීමට  තීරණය කර තිබේ. මුදල් අමාත්‍යංශය නිවේදනය කළේ, ගෑස් මෙට්‍රික් ටොන් 3600 ක් රැගත් නැවක් අද වරායට සේන්දු වූ බවයි. හෙට තවත් මෙට්‍රික් ටොන් 3600 ක් රැගත් නෞකාවක් පැමිණීමට නියමිත වේ. එම තොග ඇණවුම් කර ඇත්තේ හදිසි මිලදී ගැනීම් යටතේ සාමාන්‍ය ප්‍රසම්පාදනය ක්‍රියාවලිය යටතේයී. ඒ අනුව මෙට්‍රික් ගෑස් මෙට්‍රික් ටොන් 6000 ක් ලබන සතියේ දිවයිනට ළඟා වනු ඇති. මුදල් අමාත්‍යංශය පවසන්නේ එලෙස ආනයනය කෙරෙන ගෑස් තොග කඩිනමින් වෙළඳ පොළට මුදා හැරෙන බවයි.