ඉමදූවේ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මරුට

ලංවිම ලොරියක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මරුට: 5කට තුවාලයි

by Staff writer 03-11-2019 | 7:24 AM

COLOMBO (News 1st) - ගාල්ල - අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ඉමදූව, අගුලුගහ ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මිය ගොස් තව ත් 5 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ, විදුලි බල මණ්ඩලයේ ලොරියක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් ඊයේ රාත්‍රියේ අනතුර සිදුව ඇති බවයි. මිය ගොස් ඇත්තේ 35 හැවිරිදි හා 65 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි. තුවාල ලැබූවන් අතර ළමයින් දෙදෙනෙකු ද වේ. ඔවුන් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පැවසුවේ ය. මෙම පිරිස වීරකැටිය ප්‍රදේශයේ සිට ගාල්ල ප්‍රදේශයේ ඥාතියෙකු බැලීමට පැමිණ ආපසු යමින් සිටියදී මෙම අනතුරට ලක් ව ඇති බව පොලීසිය පැවසීය.