රජරට සරසවියේ උණ රෝගය පාලනයට පියවර

රජරට සරසවියේ පැතිර යන උණ රෝගය පාලනය කිරීමට පියවර

by Staff writer 03-11-2019 | 1:15 PM

COLOMBO (News 1st) - රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් අතර පැතිර යන උණ රෝගී තත්ත්වය පාලනය සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, වෛරසයක් මත එම උණ රෝගය පැතිරෙන බව මේ වන විට හඳුනාගෙන ඇති බවයි. පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සහ ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යා ඒකකය එක් ව රෝගය පාලනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි ද ඔහු පැවසුවේ ය. මෙම උණ රෝගය හේතුවෙන් ඊයේ සිට රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රයේ පීඨ 4 ක් දින නියමයක් නොමැතිව වසා දැමුණි.