ස්වාධීන රූපවාහිනියට පැනවූ නියමය බල රහිත කෙරේ

මැතිවරණ කොමිසම ස්වාධීන රූපවාහිනියට පැනවූ නියමය බල රහිත කරයි

by Staff writer 03-11-2019 | 6:42 PM
COLOMBO (News 1st) : ස්වාධීන රූපවාහිනී සේවයේ දේශපාලන සාකච්ඡා යනාදිය අත්හිටුවමින් මැතිවරණ කොමිසම ඊයේ නිකුත් කළ නියමය අද බල රහිත කර තිබේ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අත්සනින් ස්වාධීන රූපවාහිනීයේ සභාපතිනියට අද යැවූ ලිපියක දැක්වෙන්නේ ඊයේ කොමිසම කළ නියමය සම්බන්ධයෙන් විවිධ පාර්ශවවලින් ඉදිරිපත් වූ නියෝජන සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි. විශේෂයෙන් එක් රූපවාහිනී නාලිකාවට පමණක් මෙවැනි නියමයන් නිකුත් කිරීම හේතුවෙන් වෙනස්ව සැලකීමක් සිදුවන බවට ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් පසුව මෙම තීරණය ගත් බව සභාපතිවරයාගේ ලිපියේ සඳහන් ය.