දෙහිවලදී facebook සාදයක් වටලයි

මත්ද්‍රව්‍ය සමග දෙහිවල facebook සාදයක් වටලයි

by Staff writer 03-11-2019 | 10:54 AM

COLOMBO (News 1st) - දෙහිවල වෙරළ තීරයේ හෝටලයක් තුළ ෆේස්බුක් සාදයක් පවත්වමින් සිටි සැකකරුවන් හා සැකකාරියන් 100 දෙනෙකු මත්ද්‍රව්‍ය සමග ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර සැකකරුවන් 83 දෙනෙකු සිටින බවයි. ඔවුන් සන්තකයේ තිබි කේරළ ගංජා, මත් මුද්දර සහ නීති විරෝධි දුම්වැටි සොයාගෙන ඇත. සැකකරුවන් අම්බලන්ගොඩ, කළුතර, කුරුණෑගල සහ පොළොන්නරුව ප්‍රදේශවල පදිංචිකරුවන් ය. ඔවුන් වයස අවුරුදු 18 ත් 48 ත් අතර වයසේ පසුවේ. සැකකරුවන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.