අකුණු අනතුරු අවම කර ගන්නැයි දැනුම්දීමක්...

බස්නාහිර, සබරගමුව ඇතුළු පළාත් කිහිපයකට තද වැසි...

by Staff writer 03-11-2019 | 6:53 AM

COLOMBO (News 1st) - බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 - 100 ත් අතර තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ වයඹ පළාත්වලට වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ද අද දිනයේ අපේක්ෂා කරන බවයි. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කිරීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. මේ අතර කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැයට කිලෝමීටර් 10 - 30 ත් අතර විය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 - 80 ත් දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.