බලංගොඩ නිවසක අබිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුරක්

බලංගොඩ නිවසක අබිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක්

by Staff writer 03-11-2019 | 9:04 PM
COLOMBO (News 1st) : පිළිස්සුම් තුවාල සහිතව අභිරහස් ලෙස මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් බලංගොඩ මිද්දෙණිය ප්‍රදේශයේ නිවසකින් සොයා ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ලද පැමිණිල්ලකට අනුව කරන ලද විමර්ශනයකදී එම කාන්තා මළ සිරුර ඇය පදිංචිව සිටි නිවසේ තිබියදී අද සොයා ගත් බවයි. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි කාන්තාවකි. ඇය නිවසේ තනියම වාසය කර ඇති අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.