Facebook සාදයේදී අත්අඩංගුවට ගත් පිරිස කළුබෝවිලට

දෙහිවල Facebook සාදයේදී අත්අඩංගුවට ගත් පිරිස කළුබෝවිල රෝහලට

by Staff writer 03-11-2019 | 5:13 PM
COLOMBO (News 1st) : දෙහිවල, හෝටලයක් තුළ ෆේස්බුක් සාදයක් පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගත් පිරිස වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කළුබෝවිල රෝහල වෙත ඉදිරිපත් කර තිබේ. පොලීසිය පැවසුවේ එම පරීක්ෂණවලින් අනතුරුව ඔවුන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. දෙහිවල, හෝටලයක් තුළ ෆේස්බුක් සාදයක් පවත්වමින් සිටියදී පුද්ගලයින් සිය දෙනෙකු කේරළ ගංජා හා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමග ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගනු ලැබී ය. 18 ත් 48 ත් අතර අතර වයසේ පසුවන සැකකරුවන් අම්බලන්ගොඩ, කළුතර, කුරුණැගල සහ පොළොන්නරුව ප්‍රදේශවල පදිංචිකරුවන් ය.