ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනය අද

ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනය අද

by Staff writer 03-11-2019 | 7:30 AM

COLOMBO (News 1st) - ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් අද ක්‍රියාත්මක වේ.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ, අද දිනයේ නිවෙස්වල සිට ඒ සඳහා සහය දක්වන ලෙසයි. ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් 40% ක් මේ වනවිට බෙදා හැර අවසන් බව ද ඔහු සඳහන් කළේ ය.