by Staff writer 03-11-2019 | 6:16 PM
COLOMBO (News 1st) : දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රැම්පෝසා මහතා අද පස්වරුවේ දිවයිනට පැමිණියේ ය.
ජපානයේ සිට සිය රට බලා යමින් සිටියදී දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේ කෙටි විවේකයක් වෙනුවෙනි.
ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීමෙන් අනතුරුව දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා යළිත් සිය රට බලා යාමට නියමිතයි.