ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ සහය ත් සජිත් ප්‍රේමදාසට

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ සහය ත් සජිත් ප්‍රේමදාසට

by Staff writer 03-11-2019 | 5:17 PM
COLOMBO (News 1st) : නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ් ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය, තීරණය කර තිබේ. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පැවසුවේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීන්දුව අනුව මෙම තීරණයට එළැඹි බවයි. දෙමළ ජාතික සන්ධානයේ සෙසු පක්ෂ සමග මේ පිළිබඳව සාකච්ඡා කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. වවුනියාවේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ය.