අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් කටුනායකදී අත්අඩංගුවට

by Staff writer 03-11-2019 | 4:45 PM
COLOMBO (News 1st) : රුපියල් ලක්ෂ 14 කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලීසිය පැවසුවේ, ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණී ඉන්දියන් ජාතිකයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. සැකකරු තම ගමන් මල්ලේ ව්‍යාජ ලෙස සකස් කරන ලද බඳ කොටසේ සඟවා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 273 ක් රැගෙන විත් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.