හෙට සිට වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්

හෙට සිට වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්

by Staff writer 02-11-2019 | 12:15 PM

COLOMBO ( News 1st ) - වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට සිට අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දකුණ, සබරගමුව, ඌව, නැගෙනහිර සහ බස්නාහිර පළාත්වල තද වැසි ඇති විය හැකි බව ය. ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වර්ෂාපනයන් ද ඇති විය හැකි වේ. ගිඟුරුම් සහිත වැසි ඇති වනවිට තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.