රග්බි ලෝක ශූරයින් කවුද? තීරණය අද

රග්බි ලෝක කිරුළ කාටද? එංගලන්ත - දකුණු අප්‍රිකා අවසන් සටන අදයි

by Staff writer 02-11-2019 | 10:58 AM

News st - 2019 ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගය ජපානයේදී අද පැවැත්වේ.

ඒ, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතරයි. දකුණු අප්‍රිකා කණ්ඩායම 1995 සහ 2007 වසරවලදී රග්බි ලෝක කිරුළ දිනා ගත්තේ ය. ප්‍රතිවාදී එංගලන්තය රග්බි ලෝක කුසලානය එක්වරක් දිනා ඇති අතර ඒ 2003 වසරේදී ය. මෙම කණ්ඩායම් 2 ලෝක කුසලාන අවසන් තරගයකදී හමුවන දෙවැනි අවස්ථාව මෙය වන අතර 2007 ලෝක කුසලාන අවසන් තරගයේදී දකුණු අප්‍රිකාව හමුවේ එංගලන්තය පරාජය විය. ඔවන් ෆැරල් අද තරගයේදී එංගලන්ත කණ්ඩායම මෙහෙයවන අතර දකුණු අප්‍රිකාවට නායකත්වය ලබාදෙන්නේ සියා කොලිසි ය. අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.