තැපැල් ඡන්දයේ ඡායාරූප ගත් තිදෙනෙකු දැලේ

ප්‍රකාශ කළ තැපැල් ඡන්දයේ ඡායාරූප ගත් තිදෙනෙකුට වැඩ වරදී

by Staff writer 02-11-2019 | 11:36 AM

COLOMBO ( News 1st ) - තැපැල් ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේදී ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගත කරන ලද පුද්ගලයින් 03 තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, කැකිරාව, කටුගස්තොට සහ ගම්පොල පොලිස් බල ප්‍රදේශවලදී එම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව ය. සැකකරුවන් අතර ගුරුවරුන් දෙදෙනෙක් සහ ගම්පොල ප්‍රදේශයේ‍ පාසලක මුරකරුවෙකු ද සිටී. ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ඊයේ සහ පෙරේදා සිදු කෙරිණි. මේ අතර සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා ඡායාරූප ගත කර එය සමාජ මාධ්‍ය වෙත මුදා හරින ලද පුද්ගලයින් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් මත විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කළේ ය.