by Staff writer 02-11-2019 | 6:30 PM
COLOMBO (News 1st) : බස්නාහිර, සබරගමුව, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වලට සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට හෙට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ත් 100 ත් අතර තද වැසි ඇතිවිය හැකි බවයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවලට හෙට පස්වරුවේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි ය.
අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි