by Staff writer 02-11-2019 | 1:24 PM
COLOMBO ( News 1st ) - අලුත්වැඩියා කටයුතු හේතුවෙන් නුගේගොඩ ගුවන් පාලම තාවකාලිකව වසා දමා තිබේ.
ඒ, අනුව විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ට දැනුම් දෙන්නේය
නුගේගොඩ ගුවන් පාලම වසා දැමීම හේතුවෙන් ඒ ආශ්‍රිත ප්‍රදේශවල අද උදෑසන දැඩි රථවාහන තදබදයක් ද හටගෙන තිබුණි.
මේ අතර මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සුරියආරච්චි මහතා පැවසුවේ, ඊයේ රාත්‍රියේ ආරම්භ කළ එම අලුත්වැඩියා කටයුතු කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.