by Staff writer 02-11-2019 | 1:20 PM
COLOMBO ( News 1st ) - ඩොලර් මිලියන 164ක ණය වාරිකයක් මෙරටට මුදා හැරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක සභාව තීරණය කර තිබේ.
ඒ, ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු පිළිබද 06 වන සමාලෝචනයෙන් අනතුරුවයි.
අදාළ ණය වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව දැනට ලබා ගෙන ඇති ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් 1.31 කි.
නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ නිෂු හිරෝ ෆුරුසාවන් මහතා කියා සිටියේ අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙමින් ඇති බව ය.
2019 වසරේ 2.7ක්ව පවතින මෙරට ආර්ථික වර්ධන වේගය 2020 වසර තුලදී 3.5 දක්වා වර්ධනය වනු ඇති බවට ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පුරෝකථනය කර තිබේ.