by Staff writer 02-11-2019 | 11:42 AM
COLOMBO ( News 1st ) - වසංගතයක් ලෙස සිසුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් රජරට විශ්ව විද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රය තාවකාලිකව වසා දමා තිබේ.
එහි වැඩබලන උපකුලපති ඒ.එම්.ජේ.බී. අධිකාරි මහතා පැවසුවේ අද සිට නැවත දැනුම් දෙන තුරු එලෙස මිහින්තලය පරිශ්‍රයේ පීඨ 4ක් තාවකාලිකව වසා දැමූ බව ය.
විද්‍යා පීඨයේ සිසුවෙකු හදිසියේ මියයෑම මිහින්තලේ පරිශ්‍රය වසාදැමීමට එක් හේතුවක් වූ බව වැඩබලන උපකුලපති ඒ.එම්.ජේ.බී.අධිකාරි මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.