හොර පාරෙන් රන් ආභරණ ගෙන්වූ ලාංකිකයින් 14ක් දැලේ

හොර පාරෙන් රන් ආභරණ ගෙන්වූ ලාංකිකයින් 14ක් කොටුවෙයි

by Staff writer 01-11-2019 | 10:30 AM

COLOMBO ( News 1st ) - නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රන් ආභරණ තොගයක් සමග ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, එම රන් ආභරණවල වටිනාකම රුපියල් මිලියන 32කට ආසන්න බව ය. ඔවුන් චෙන්නායි සිට එම රන් ආභරණ රැගෙනවිත් ඇති බව සුනිල් ජයරත්න මහතා සඳහන් කළේය. සැකකරුවන් සතුව තිබූ මාල, මුදු ඇතුළු රන් ආභරණවල බර කිලෝග්‍රැම් 4.7කි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව රේගුව ප්‍රකාශ කළේ ය.