රංගන ශිල්පිනී චන්ද්‍රා කළුආරච්චි අභාවප්‍රාප්ත වෙයි

රංගන ශිල්පිනී චන්ද්‍රා කළුආරච්චි අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 01-11-2019 | 8:11 PM
COLOMBO (News 1st) : ප්‍රවීණ රංගන ශිල්පිනී චන්ද්‍රා කළුආරච්චි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. පවුලේ ඥාතියෙකු සඳහන් කළේ, අද පස්වරුවේ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් නිවසේදී ඇය අභාවප්‍රාප්ත වූ බවයි. මිය යන විට 76 වන වියෙහි පසුවූ චන්ද්‍රා කළුආරච්චි මහත්මිය වේදිකාව, පුංචි තිරය මෙන්ම රිදී තිරයේදී ද සිය රංග කෞෂල්‍ය පිළිබිඹු කළා ය. බක්මහ දීගය, තුංමං හන්දිය, වැලිකතර, නිධානය, ගැහැනු ළමයි, පාර දිගේ, පවුරු වළලු ඇතුළු සිනමා පට රැසකට ඇය රංගන දායකත්ව ලබාදුන්නා ය. ප්‍රවීන කලා ශිල්පී ලක්ෂ්මන් විජේසේකර මහතා ඇයගේ ස්වාමිපුරුෂයා වන අතර ජනප්‍රිය රංගන ශිල්පීනි අමා විජේසේකර මහත්මිය ඇයගේ දියණියයි.