ලබන 10 වනදා සිට යාපනයේ සිට වාණිජ ගුවන් ගමන් ඇරඹෙයි

යාපනය - චෙන්නායි සහ ට්‍රිචි අතර වාණිජ ගුවන් ගමන් ලබන 10වනදා සිට

by Chathurika Jayasundara 01-11-2019 | 11:56 AM

COLOMBO ( News 1st ) -  යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ඉන්දියාවේ චෙන්නායි සහ ට්‍රිචි ගුවන් තොටුපොළ වෙත දෛනිකව වාණිජ ගුවන් ගමන් ලබන 10 වනදා සිට ආරම්භ කරන බව සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී නිමල්සිරි මහතා සඳහන් කළේ, ඉන්දීය ගුවන් සමාගමක් විසින් එම ගුවන් ආරම්භ කරන බව ය. මීට අමතරව මෙරට ගුවන් සමාගමක් ද සතියකකට දින 03 බැගින් යාපනයේ සිට දකුණු ඉන්දියාවේ ගුවන් තොටුපොළවල් වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළේ ය.