"තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සාමකාමී"

"තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සාමකාමී"-මැතිවරණ කොමිසම

by Staff writer 01-11-2019 | 4:49 PM
COLOMBO (News 1st) : ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද දෙවැනි දිනටත් පස්වරු 4. 15ට අවසන් කළ බව මැතිවරණ කොමිසම පවසයි. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ඡන්ද ප්‍රකාශ කිරීම සාමකාමීව සිදුකෙරුනු බවයි. මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව 6 59 514කි. ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, පොලීසිය ,මැතිවරණ කාර්යාලවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන් හැර අනෙක් සියලු රාජ්‍ය සේවකයින්ට අද සිය ඡන්දය භාවිත කිරීමට අවස්ථාව සලසා දී තිබූ බවයි. දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, මැතිවරණ ලේකම් කාර්යාලවල සහ පොලිස් ස්ථානවල නිලධාරීන් සඳහා ලබන 04 සහ 05 යන දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කර ඇති බව කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ ය. මේ අතර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය වෙනුවෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ ය.