by Staff writer 01-11-2019 | 5:46 PM
COLOMBO (News 1st) : ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 2393 ක් ලැබී ඇති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එම කොමිසම සඳහන් කළේ, ඔක්තෝබර් මස 08 වැනිදා සිට ඊයේ දිනය දක්වා එම පැමිණිලි වාර්තාවී ඇති බවයි.
ප්‍රචණ්ඩ ක්‍රියා 22 ක්, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 2281 ක් සහ වෙනත් පැමිණිලි 90 ක් ඒ අතර වේ.
මේ අතර ඊයේ පස්වරු 4.00 න් අවසන් වූ පැය 24 තුළ ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 143ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ ය.