by Staff writer 01-11-2019 | 11:41 AM
COLOMBO ( News 1st ) - මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් කළුතර, ගාල්ල, මාතර, අනුරාධපුරය සහ වව්නියාව දිස්ත්‍රික්කවල අද පස්වරුවේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් දිස්ත්‍රික්කවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි අපේක්ෂා කළ හැකි බවයි.
ගිඟුරුම් සහිත වැසි සමග තද සුළං ඇති විය හැකි අතර, අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේය.
මේ අතර කළුතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි ය.
එවිට එම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 70 සිට 80 දක්වා තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.