MCC යෙන් මුදල් ලබාගැනීමේ ගිවිසුම පාර්ලිමේන්තුවට

MCC යෙන් මුදල් ලබාගැනීමේ ගිවිසුම පාර්ලිමේන්තුවට

by Chathurika Jayasundara 31-10-2019 | 10:22 PM

COLOMBO ( News 1st ) - මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයෙන් ඩොලර් මිලියන 480ක් ලබාගැනීමට අදාළ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය අද පස්වරුවේ නිවේදනය කළේ ය. මුදල් අමාත්‍යාංශ නිවේදනයේ දැක්වුණේ, නීතිපතිවරයාගේ අනුමැතිය සහිතව එය ගැසට් නිවේදනයේ පළකර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ය.

පසුගිය 29 වනදා මේ සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු අතර මේ සම්බන්ධ ක්‍රියාවලිය නීතිපතිවරයාගේ මග පෙන්වීම මත සිදු කළ බව ද මුදල් අමාත්‍යාංශය පවසයි. නීතිපතිවරයා ඔහුගේ නිරීක්ෂණවල දක්වා ඇත්තේ මේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට නීතිමය ගැටලුවක් නොමැති බව ය. මෙවැනි ගිවිසුමක් අනුමත කිරීම ගැන කැබිනට් මණ්ඩලය ලැජ්ජා විය යුතු නොවේද? පාර්ලිමේන්තුව මේවායේ ඇති කරුණු සම්පූර්ණයෙන් දැන ගත යුතු අතර ශ්‍රී ලංකාවේ අවශ්‍යතා මත තීරණ ගත යුතුය. අපේ රටේ පාර්ලිමේන්තුව ක්‍රියා කළ යුත්තේ අපේ රටේ සුබ සාධනය සඳහා බව රටේ ජනතාවගේ විශ්වාසයයි.