"සජිත් දුන් පොරොන්දු ගැන විශ්වාසය තබනවා"

සජිත් දුන් පොරොන්දු ගැන විශ්වාසය තබන බව අස්ගිරි මහ නාහිමියෝ පවසති

by Staff writer 31-10-2019 | 11:10 AM
COLOMBO (News 1st) : නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මල්වතු - අස්ගිරි මහනාහිමිවරුන් වෙත පිළිගන්වනු ලැබී ය. ප්‍රතිපත්ති ප්‍රකාශය පළමුව එය පිළිගැන්වූයේ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය, තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් වෙතයි. අනතුරුව අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය, වරකාගොඩ ඥානරතන හිමියන්ට එය පිළිගන්වනු ලැබී ය. සජිත්ගේ සමාජ විප්ලවය ලෙස මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය නම් කර තිබේ. එහිදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ, අත්සන් තබා ඇති සියලු විදෙස් ගිවිසුම් සංශෝධනය කරන බවයි. පසුගිය කාලයේ අමෙරිකාව සමග අත්සන් කළ ඇක්සා ගිවිසුම පිළිගැනීමට තමා බැඳී නොසිටින බව ද ඔහු සඳහන් කළේ ය. ඒ අනුව රටට හිතකර ගිවිසුම් පමණක් පවත්වාගෙන යන බව සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේ ය. එහිදී අදහස් දක්වමින් අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය, වරකාගොඩ ඥානරතන හිමියන් සඳහන් කළේ සජිත් ප්‍රේමදාස මහතා දුන් පොරොන්දු පිළිබඳව තමන් විශ්වාසය තබන බවයි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනගත කිරීමේ උත්සවය මහනුවර රැජිණ හෝටලයේදී පැවැත්වීමට නියමිතයි.