by Staff writer 31-10-2019 | 10:23 AM
COLOMBO (News 1st) : ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ 15 ක් එක්ව පිහිටුවනු ලබන, ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානය සඳහා වන ගිවිසුමට මීට ටික වේලාවකට පෙර අත්සන් තැබී ය.
ඒ, කොළඹ පදනම් ආයතනයේදීයි.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්රීපාල සිරිසේන සහ, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් එහි සම නායකයින් ලෙස කටයුතු කරනු ඇති.