SLFP,SLPP ඇතුළු පක්ෂ 15ක් අද ගිවිසුමකට එළැඹේ

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම අද පෙරවරුවේ

by Staff writer 31-10-2019 | 8:13 AM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ 15ක් එක්ව පිහිටුවනු ලබන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම අද සිදු වේ. ඒ, පෙරවරු 9.30 ට කොළඹ පදනම් ආයතනයේදී ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් එහි සම නායකයින් ලෙස කටයුතු කරනු ඇති. එම සන්ධානයේ සභාපති, උප සභාපති, මහ ලේකම්, සම ලේකම් ආදී සෙසු තනතුරු ජනාධිපතිවරණයෙන් පසු පත් කිරීමට නියමිත ය.