by Staff writer 31-10-2019 | 4:19 PM
COLOMBO ( News 1st ) - ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කර, ෆේස්බුක් සමාජ ජාලයෙන් ප්‍රසිද්ධියට පත් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, එය ප්‍රසිද්ධියට පත්කළ පුද්ගලයා, අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ සහතික කිරීමේ නිලධාරියා ඇතුළු අනෙක් නිලධාරීන්ට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ය.
ඊට වරදකරුවන් වන පුද්ගලයින්ට මැතිවරණ පනත යටතේ වසර 3ක සිර දඬුවමක් හිමි වෙයි.