සජිත්ගේ සමාජ විප්ලවය මල්වතු මහනාහිමිට පිළිගැන්වේ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය මල්වතු මහනාහිමිට පිළිගැන්වේ

by Staff writer 31-10-2019 | 9:50 AM
COLOMBO (News 1st) : නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය, මීට ටික වේලාකවට පෙර මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් වෙත පිළිගන්වීය. අප වාර්තාකරු සඳහන් කළේ, මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය, තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් වෙත පළමුව එය පිරිනැමූ බවයි. අනතුරුව අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය, වරකාගොඩ ඥානරතන හිමියන් වෙත ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගැන්වීමට නියමිතව තිබේ. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය නම් කර ඇත්තේ සජිත්ගේ සමාජ විප්ලවය ලෙසයි. එය ජනගත කිරීමේ උත්සවය  මහනුවර රැජිණ හෝටලයේදී පැවැත්වීමට නියමිතයි.