දේශපාලන ප්‍රචාරණ දැන්වීම්වලට ටිව්ටර් තහනමක්

දේශපාලන ප්‍රචාරණ දැන්වීම්වලට ටිව්ටර් තහනමක්

by Staff writer 31-10-2019 | 7:48 AM
සිය වෙබ් අඩවිය හරහා සිදුවන සියලු දේශපාලන ප්‍රචාරණ කටයුතු නතර කිරීමට ට්විටර් සමාගම පියවර ගෙන තිබේ. ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජැක් ඩෝර්සි සඳහන් කළේ, අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරෙන ප්‍රචාරණ කටයුතුවලින් වෙළඳ ප්‍රචාරකයින්ට වාසි හිමිවුව ද, එය ගෝලීය දේශපාලනයට යොදා ගැනීම අවදානම් බවයි. යම් පුද්ගලයෙකු එවැනි ප්‍රචාරක පණිවුඩ ලබාගත යුත්තේ මුදල් ගෙවීමෙන් නොවන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරෙන දේශපාලන ප්‍රචාරණ කටයුතු හරහා අසත්‍ය තොරතුරු ව්‍යාප්ත වන බවත්, ඒවා විශ්වාසනීය නොවන බවත් ට්විටර් ප්‍රධාන විධායක නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර තිබේ. ඔහු වැඩිදුරටත් පවසනනේ, කිසියම් දේශපාලන පක්ෂයක් , සිය ප්‍රතිවාදියකුට පහරදීමට, අසත්‍ය තොරතුරු පැතිරවීමට හෝ ජනතාවට එම වෙළඳ දැන්වීම් බැලීමට බලපෑම් කිරීම සඳහා මුදල් ගෙවන්නේ නම්, අදාළ දේශපාලන පක්ෂයට අවශ්‍ය ඕනෑම දෙයක් පළ කිරීමට තම සමාගම බැඳී සිටින බවයි. ට්විටර් වෙබ් අඩවිය එම නිවේදනය නිකුත් කළේ, සිය වෙඩ් අඩවිය තුළ දේශපාලන ප්‍රචාරණ කටයුතු සඳහා තහනම් පැනවීමක් සිදුනොකරන බව, ෆේස්බුක් වෙබ් අඩවිය පැවසු පසුබිමකදීයි. ට්විටර් සමාගම පැනවූ දේශපාලන ප්‍රචාරණ තහනම ලබන නොවැම්බර් මස 22 වැනිදා සිට බලාත්මක වනු ඇති.