ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද සහ හෙට

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද සහ හෙට

by Staff writer 31-10-2019 | 7:12 AM
COLOMBO (News 1st) - ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද සහ හෙට පැවැත්වේ. ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ පොලීසියේ, මැතිවරණ කාර්යාලවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන් හැර අනෙක් සියලු රාජ්‍ය සේවකයින්ට අද සහ හෙට ඒ සඳහා අවස්ථාව උදාවන බව ය. ලබන මස 4 සහ 5 යන දිනවල පොලීසියේ, මැතිවරණ කාර්යාලවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමි වේ.. එම දිනවල ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන ඡන්ද දායකයින්ට ලබන 7 වන දා සිය රැකියා ස්ථානය අදාළ වන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී තැපැල් ඡන්දය සලකුණු කළ හැකි ය. මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව 659,514කි. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය වෙනුවෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක ය. තැපැල් ඡන්දය පැවැත්වෙන කාලසීමාවේදී අදාළ රාජ්‍ය ආයතනයේ සිට මීටර් 500ක් දුරින් ප්‍රචාරණ කටයුතුවල නිරත වීම තහනම් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.