විදෙස් ගිවිසුම් ගැන සජිත්ගෙන් පොරොන්දුවක්

ඇක්සා ගිවිසුම් පිළිගැනීමට බැඳී නැහැ: සියලු විදෙස් ගිවිසුම් නැවත සංශෝධනය කරනවා - සජිත් ප්‍රේමදාස

by Chathuranga Rajapaksha 31-10-2019 | 11:26 AM

COLOMBO (News 1st): අමෙරිකාව සමග අත්සන් කළ ඇක්සා ගිවිසුම පිළිගැනීමට තමන් බැඳී නොමැති බව ත් රටට හිතකර ගිවිසුම් පමණක් පවත්වාගෙන යන බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අස්ගිරි මහ නාහිමියන් හමුවේ කියා සිටියේය.

ජනාධිපතිවරණයේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය, වරකාගොඩ ඥානරතන හිමියන් වෙත පිළිගන්වමින් සජිත් ප්‍රේමදාස මහතා ඒ බව ප්‍රකාශ කළේය. ඊට අමතරව අත්සන් තබා ඇති සියලු විදෙස් ගිවිසුම් නැවත සංශෝධනය කරන බව ද සජිත් ප්‍රේමදාස මහතා, අස්ගිරි මහනාහිමි හමුවේ වැඩිදුරට ත් කියා සිටියේය.