ලිට්රෝ සමාගමෙන් ගෑස් පාරිභෝගිකයින්ට සහතිකයක්

අඛණ්ඩව ගෑස් සැපයීමට පියවර ගන්නා බවට ලිට්රෝ සමාගමෙන් සහතිකයක්

by Staff writer 31-10-2019 | 11:55 AM
COLOMBO (News 1st) : අභියෝග හමුවේ වුව ද මෙරට පාරිභෝගිකයින්ට අඛණ්ඩව ගෑස් සැපයීමට පියවර ගන්නා බවට ලිට්රෝ සමාගම සහතික වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ, පසුගිය සැප්තැම්බර් මාසයේදී සවුදි ආරබියේ ඉන්ධන පිරිපහදුවකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය සහ තවත් හේතු කිහිපයක් නිසා මෙරට වෙළඳපොළ තුළ ගෑස් හිඟයක් මතුවී ඇති බවයි. මෙරට LP ගෑස් කර්මාන්තයට බලපෑම් එල්ල වීම හමුවේ තරගකාරී සමාගම්වල ගෑස් හිඟවීමෙන් පාරිභෝගිකයින් විශාල පිරිසක් ලිට්රෝ සමාගමේ ගෑස් භාවිතයට යොමුවී ඇති බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. තවද එම සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, දැනට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගෑස් රැගෙන එන නෞකාවලට ලිට්රෝ සමාගමේ පර්යන්ත දෙකට ළඟාවීමට දුෂ්කර වී ඇති බවයි. අභියෝග හමුවේ වුවද සිය සමාගම මෙරට පාරිභෝගිකයින්ට ගැටලුවකින් තොරව අඛණ්ඩව ගෑස් සැපයීම සඳහා හැකි සෑම පියවරක් ගනිමින් සිටින බව ලිට්රෝ සමාගම සහතික වී තිබේ. පාරිභෝගිකයින්ට අඛණ්ඩව ගෑස් සපයන බව ලිට්‍රෝ සමාගම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පෙන්වා දෙන්නේ සෞදියේ ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ගෑස් හිඟයක් මතුව ඇති බවයි. මේ හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට ගෑස් බෙදා හැරීම ප්‍රමාද වී ඇතැයි එම සමාගම පවසයි. ඊට අමතරව, මෙරට ගෑස් මිල ගණන් පහළ යාමත් සමග පාරිභෝගිකයින් වැඩි වශයෙන් ගෑස් මිලදී ගැනීම, හිඟයක් ඇතිවීම කෙරෙහි බලපා තිබේ. මේ හේතුවෙන් මෙට්‍රික් ටොන් 900 ත් 950 ත් අතර පැවති ඉල්ලුම, මෙට්‍රික් ටොන් 1300 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ලිට්‍රෝ ගෑස් සමාගම පෙන්වා දෙයි. එම සමාගම පවසන්නේ, පවතින අයහපත් කාලගුණයත් සමග ගෑස් රැගත් නෞකාවලට ලිට්‍රෝ සමාගමේ පර්යන්ත දෙකට ළඟාවීම අපහසු වී ඇති බවප ය. එහෙත්, අභියෝග මධ්‍යයේ වුව ද ගැටලුවකින් තොරව පාරිභෝගිකයින්ට ගෑස් සපයන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරයි.