දඹුල්ලේ එළවළු මිල ගණන් පහළ බසී

දඹුල්ලේ එළවළු මිල ගණන් පහළ බසී

by Staff writer 31-10-2019 | 8:43 AM
COLOMBO (News 1st) : දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් 40% කින් පමණ පහළ ගොස් තිබේ. එහි වෙළෙඳ සංගමයේ සභාපති ශාන්ත ඒකනායක මහතා පැවසුවේ, ඊයේ පස්වරුව වන විට මෙලෙස එළවළු මිල ගණන් පහළ ගිය බවයි. පවතින වර්ෂාධික කාලගුණය හේතුවෙන් ව්‍යාපාරිකයින්ගේ පැමිණීම අඩු වීම මීට හේතු වූ බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ඊට අමතරව උඩරට ප්‍රදේශවලින් පැමිණෙන එළවළු තොගවල ගුණාත්මකභාවය අඩුවීම ද එළවළු මිල ගණන් පහළ යාමට හේතුවූ බව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති ශාන්ත ඒකනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.